පොහොට්ටුවේ මහ සම්මේලනය අද

පොහොට්ටුවේ මහ සම්මේලනය අද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) දෙවැනි ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ අද (15) පස්වරු 2.00ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීමට නියමිතය.

ඊට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතා, මැති ඇමතිවරුන් සහ සියලුම සහෝදර පක්ෂ නායකයින් ද මේ සඳහා එක්වන බව පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහා ද මේ වෙනුවෙන් ආරාධනා කර තිබෙන අතර, මෙරට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් 5,000ට වැඩි පිරිසක් මේ සඳහා සහභාගිවීමට නියමිත බවද වාර්තා වේ.

පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා කියා සිටින්නේ පකෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භූමිකාව මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බවයි.

මේ අතර මෙම සම්මේලනය හේතුවෙන් කොළඹ හා අවට ආරක්ෂාවද තරකර ඇතැයි වාර්තා වේ.

Share This