රාගම වෙඩි තැබීම ගැන වැඩිදුර තොරතුරු

රාගම වෙඩි තැබීම ගැන වැඩිදුර තොරතුරු

රාගම වල්පොල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම රාගම මාළු කුමාර නැමති පුද්ගලයෙක් ඉලක්ක කරගෙන කළ වෙඩි තැබීමක් බව හෙළි වී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ඔහුගේ මව සහ තවත් 17 හැවිරිදි දරුවෙක් ද තුවාල ලබා රාගම රෝහල වෙත ඇතුළත් කර ඇත.

රාත්‍රියේ පැමිණි තුවක්කුකරු නිවස තුළ සිටි මෙම පුද්ගලයා නිවසින් පිටතට ගෙන වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.

මෙම වෙඩි තැබීමට පැයකට පෙර මල්වාන ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබිමක් සිදුකර ඇති අතර මෙම සිද්ධි දෙකේ සම්බන්ධතාවයක් පවතී දැයි විමර්ශන අංශවල අවධානයට ලක් වී තිබේ.

මාළු කුමාර ඉලක්ක කරගෙන වෙඩි තැබීම සිදුකර ඇත්තේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් බවට තොරතුරු ලැබී ඇතැයි විමර්ශන අංශ කියයි.

සිද්දිය සම්බන්ධව රාගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

Share This