බිරිඳ සමග නර්තනයේ යෙදුනැයි උරණ වී ගෙල කපා තරුණයෙක් මරා දමලා

බිරිඳ සමග නර්තනයේ යෙදුනැයි උරණ වී ගෙල කපා තරුණයෙක් මරා දමලා

කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩංගොඩ, ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, දින කිහිපයකට පෙර සිදු වූ පවුල් ආරවුලකින් අනතුරුව තරුණිය ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බව සදහන් වේ.

ඊයේ රාත්‍රියේ එම තරුණිය ගමගොඩ ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට ඇති අතර එම තරුණියගේ සැමියා එම ස්ථානයට පැමිණීමෙන් පසු දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව තිබේ.

එහිදී උරණ වූ සැකකාර සැමියා විසින් සඟවාගෙන පැමිණි තියුණු ආයුධයකින් නර්තනයේදී යෙදී සිට ඇති තරුණයාගේ ගෙල කපා ඇති බව පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකළ බව කියන වයස අවුරුදු 25ක් වූ සැකකාර සැමියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Share This