ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න සුපිරි නළු රජිනි ඛාන් ට ‘රන් ටිකට්පතක්’

ක්‍රිකට් ලෝක කුසලානය නොමිලේ බලන්න සුපිරි නළු රජිනි ඛාන් ට ‘රන් ටිකට්පතක්’

මෙම වසරේ ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීම වෙනුවෙන් ඉන්දීය ප්‍රභූන් සහ ඉන්දියාවේ කීර්තිමත් පුද්ගලයින් වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නව වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම වැඩසටහන නම් කර ඇත්තේ Golden Ticket for India Icons නමිනි.

ඒ අනුව ලෝක කුසලානය සජීවීව දැක ගැනීම සඳහා වන තවත් රන් ටිකට්පතක් ඉන්දීය සිනමාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් සිදු කළ රජිනිකාන්ත් හට පිරිනමා තිබෙනවා.

Golden Ticket for India Icons වැඩසටහන යටතේ මෙම රන් ටිකට්පත් ප්‍රධානය කර තිබුණේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතාය.

මෙම වැඩසටහන යටතේ මීට පෙර පළමු ටිකට්පත ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ටත් දෙවැනි රන් ටිකට්පත ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා වන සචින් ටෙන්ඩුල්කාර්ටත් පිරිනමා තිබුණා.