ගංවතුර සහ නායයාම් අවධානමකින් දකුණේ පාසල් කිහිපයක් වැසෙයි

ගංවතුර සහ නායයාම් අවධානමකින් දකුණේ පාසල් කිහිපයක් වැසෙයි

ගංවතුර සහ නායයෑම් අවදානමක් හේතුවෙන් දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් කිහිපයක් අද (15) වසා දැමෙන බව පළාත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

ඒ අනුව, මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් මොරවක හා කොටපොල කොට්ඨාශවල ඇති සියලුම පාසල් අද දින වසා ඇති බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය සඳහන් කළේය.

මොරවක අධ්‍යාපන කලාපයට (දෙනියාය) අයත් පස්ගොඩ කොට්ඨාසයේ ඌරුබොක්ක ජාතික පාසල හා පට්ටිවෙල කනිටු විදුහල හැර අනිකුත් සියලුම පාසල් අපදා තත්ත්වය හේතුවෙන් අද දින වසා තැබෙන බව මොරවක (දෙනියාය) කලාප කාර්යාලය නිවේදනය කරයි.

මුලටියන අධ්‍යාපන කලාපයේ තිහගොඩ කොට්ඨාසයට අයත් කිතලගම නැගෙනහිර හා බටහිර පාසල් ද අද දින වසා තැබෙන බව මුලටියන කලාප කාර්යාලය කියා සිටියේය.

අකුරැස්ස අධ්‍යාපන කලාපයේ අකුරැස්ස සහ මාලිම්බඩ කොට්ඨාසවලට අයත්වන දියලපේ කනිටු විදුහල, අතුරලිය මහ විද්‍යාලය,පහුරන්විල කනිටු විදුහල හා පරදුව කනිටු විදුහල ද අද දින වසා තැබේ.

අප වාර්තාකරුවන් පැවසුවේ, එම ප්‍රදේශයන්ට ඊයේ (14) සිට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් පාසල් රැසක් ජලයෙන් යට වී ඇති බවයි.

මේ අතර පහත සඳහන් පාසල් ද අද දින වසා තැබෙන බව අප වාර්තාකරුවන් පැවසීය.

01.මාර/දෙයියන්දර ජාතික පාසල

02.මාර/දෙයියන්දර ප්‍රාථමික විද්‍යාලය

03.මාර/මාකඳුර මධ්‍ය මහා විද්‍යාලය

04.මාර/මාකඳුර ප්‍රාථමික විද්‍යාලය

05.මාර/සීනිපැල්ල ප්‍රාථමික විද්‍යාලය

06.මාර/කැටියපේ උතුර ප්‍රාථමික විද්‍යාලය

07.මාර/කොරඹුරුවාන මහා විද්‍යාලය

08.මාර/මීපාවිට ප්‍රාථමික විද්‍යාලය

Share This