මුලතිව් සමුහ මිනිවලේ කැනීම් කටයුතු නවත්වයි

මුලතිව් සමුහ මිනිවලේ කැනීම් කටයුතු නවත්වයි

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පිහිටි සමුහ මිනිවලේ කැනීම් කටයුතු වල දෙවන අදියර අද (29) තාවකාලිකව නවතා දැමීමට මුලතිව් මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා නියෝග කර සිටියේය.

මේ අනුව දෙවන අදියර දක්වා සිදුකරන ලද කැනීම් වලදී සිරුරු 39 ක අස්ථි කොටස් හමුව ඇති අතරම තෙවන අදියරේ කැනීම් කටයුතු ලබන වසරේ 2024 මාර්තු මස මුල සිට ආරම්භ කරන බවටද මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දැනුම් දෙනු ලැබීය.

පසුගිය 20 වනදා දෙවන අදියරේ කැනීම් කටයුතු ආරම්භ කරන විටත් පළමු අදියර යටතේ සිරුරු 17 ක අස්ථි කොටස් හමු වී තිබූ අතර 20 සිට 28 දින දක්වා කාලය තුලදී සිරුරු අස්ථි කොටස් 22 ක් සොයාගනු ලැබීය.

මේ වන විට සමූහ මිණීවලේ මීටර් 3 ක පළලින් යුත් මීටර් 7 ක පමණ දිගින් යුතු වපසරියක කැනීම් කටයුතු සිදුකර අවසන් වී ඇත.

Share This