ගමක් මුදල් එකතු කර වෙළඳ සංකීරණයක් හදයි – යාපනයෙන් රටටම ආදර්ශයක්

ගමක් මුදල් එකතු කර වෙළඳ සංකීරණයක් හදයි – යාපනයෙන් රටටම ආදර්ශයක්

යාපනය පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පැවති තාවකාලික පොදු වෙළඳ සංකීර්ණය වෙනුවට ගම්වාසීන් විසින් මුදල් එකතුකර නව පොදු වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සිදුකර තිබේ.

නව පොදු වෙළඳ සංකීරණයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබීම උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ ග්‍රාමීය ජන කොට්ඨාශයක් ජීවත්වන අතර මෙතෙක් තාවකාලික ගොඩනැගිල්ලක් තුල සිය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගොස් තිබේ.

ප්‍රමාණවත් පහසුකම් නොතිබීම හේතුවෙන් ප්‍රදේශයේ නිශ්පාදන අලෙවිකිරීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයින් මෙන්ම පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්විය.

මෙම ඉදිකිරීම් සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 35 ක් වූ අතර එම මුදල ප්‍රදේශවාසී ජනතාව විසින් කාලයක් පුරා එක්ව එකතු කිරීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාලස් මහත්මිය ප්‍රකාශ කලේ මෙවැනි සංවර්ධන කටයුත්තක් සඳහා ප්‍රදේශයේ ජනතාවගෙන් මෙලෙස මූල්‍ය දායකත්වයක් ලැබීම රටටම ආදර්ශයක් බවයි.

Share This