වසර 8කට පෙර බිරිය මැරූ සැමියාට මරණ දඩුවම

වසර 8කට පෙර බිරිය මැරූ සැමියාට මරණ දඩුවම

වසර අටකට පෙර තම බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි සැමියකුට එල්වි තිබු චෝදනා සම්බන්ධයෙන් වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමී තමරා වික්‍රමසේකර මහත්මිය පුත්තලම මහ අධිකරණයෙදි අදාල විත්තිකරුට මරණ දණ්ඩනය නියම කළාය .

මෙසේ මරණ දඩුවම් නියම වුයේ නවගත්තේගම මුල්ලේගම පන්සල පාරේ පදිංචි මාන්නප්පෙරුම මුදියන්සේලාගෙ සුසිල් බංඩාර නොහොත් ගාමිණී යන අන්වර්ථ නාමෙයෙන් පෙනි සිටි එවකට 33 වන වියේ පසුවු අයකුටය.

2015 වසරේ ජුලි 22 දින දින ඇතුළු පවුල් ආරවුලක් මුල් කර ගනිමින් ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට ගොස් සවස නිවසට පැමින සිටි මොරගල් පේඩි දුරයාලාගේ තුෂාරී කාංචනා නැමති 27 හැවිරිදි එක් දරු මව මෙසේ අමානුෂීක ලෙස තියුණු ආයුධයකින් ඇණ මරා තිබු බව කියයි.

මේ සම්බන්ධව චෝදනා එල්ලවු විත්තිකරු නවගත්තේගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට කටයුතු කර තිබුනී.

වසර අටකට ආසන්න කාලයක් පුරා පැවති දිර්ඝ නඩු විභාගයෙදී අදාල චුදිතයාට විරුද්ධව දන්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ වු වරද සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කර ඇති බවට තිර්ණය කර චුදිතයාට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන දිනයකදී මරා දැමිමට අදාල නියෝගය ලබා දෙමින් පුර්වගාමි විනිසුරුවරිය මෙහිදි නියෝග කෙරුණී.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රජයෙ අධි නිතිඥ කල්හාර ගුණවර්ධන මහතා පෙනි සිටියේය

Share This