දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 27 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2023 සැප්තැම්බර් මස 27 වන බදාදා

රාහු කාලය
12:01 pm – 1:32 pm

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
නිරිත

 

Qries

මේෂ

ක්‍රියාකාරී දිනකි. ලිපි ලේඛන කටයුතු වලින් ජය ගෙනදෙයි. ඇසුරින් දුරස්ථ වූ ඥාතීන් සමීප වෙයි. තම ව්‍යාපාර කටයුතුවල වැඩිදියුණුවක් පෙන්වයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ලාභ දෙයි. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩා මතුකරයි.

Date: 2023-09-26

ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
Qries

වෘෂභ

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. විදෙස් රැකියා බලාපොරොත්තුවූවන්ට ජය ගෙනදෙයි. නවක සබඳතා වර්ධනය වන අතර ඉඩකඩම් පිළිබඳ ගැටලු ශුභවාදීව විසඳේ. අමතර ලාභ ලබයි. සන්ධි රෝග, වාත රෝග මතුකරයි.

Date: 2023-09-26

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

මිථුන

තරමක් කලබලකාරී දිනකි. අතපසුවීම් මත රැකියා ස්ථානවල විවේචනයට ලක්වීමට ඉඩ තිබේ. බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු, සුහදතා වර්ධන ක්‍රියාකාරකම් ද යෙදෙන වැයපස තරමක් වැඩි දිනකි. නේත්‍ර රෝග, මුඛ රෝග මතුවේ.

Date: 2023-09-26

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ගමන් බිමන් ඉහළ යා හැකි අතර ප්‍රීති සාද සුහද හමුවීම් වැනි දේවලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතා වර්ධන ක්‍රියා යෙදේ. මිල මුදල් තරමක් වැයවන අතර හදිසි ලාභ ද දෙයි. සිරසගත රෝග ද මතුකරයි.

Date: 2023-09-26

ජය අංකය: 04
ශුභ වර්ණය: රන්වන්
Qries

සිංහ

ශුභ ඵල මතුකරයි. උගතුන් ඇසුරට පත්වෙයි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. තම ඥාතීන්ගේ අරමුණු මත බාධා වර්ධනය වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. සෞඛ්‍යය පිළිබඳව ගැටලු මතුකරයි.

Date: 2023-09-26

ජය අංකය: 07
ශුභ වර්ණය: රෝස
Qries

කන්‍යා

තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ක්‍රියාශීලි දිනකි. උනන්දුවෙන් රැකියාවල යෙදේ. අලංකාර කටයුතු සඳහා වැයපස ඉහළ යයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවකට හේතුයි. අමාශගත රෝගවලට හේතුයි.

Date: 2023-09-26

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. සම්මුඛ පරීක්‍ෂණ සාකච්ඡා ආදියට ශුභයි. කෙටි ගමන් බිමන් බහුල වෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හන්දි රෝග, ඉදිමුම් රෝග ආදියට හේතුයි.

Date: 2023-09-26

ජය අංකය: 08
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

ශුභාශුභ මිශ්‍රඵල මතුකරයි. තම අරමුණුවලට බාධා ගෙනදෙයි. අවිවාහකයන්ට ශුභයි. ළඟම ඥාතියකු වෙනුවෙන් අවශ්‍යතා මත මිල මුදල් වැයවේ. උදරාබාධවලට හේතුයි. තීරණ ගැනීමේදී දුරදිග බලා ක්‍රියාකළ යුතුයි.

Date: 2023-09-26

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභඵල මතු කරයි. පරීක්‍ෂණ වලින් ජය ලබයි. රැකියා ලාභ ලැබීම් වලට හේතුයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශිව ක්‍රියාකරයි. අනොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සතුරු බලපෑම් ඉවත්වෙයි. පාදවල ආබාධ සන්ධි රෝග සාදයි.

Date: 2023-09-25

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා කහ
Qries

මකර

අතරමග නතර කළ වැඩකටයුතු ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිකරයි. විනෝදජනක ක්‍රියාවන්හි ද යෙදේ. මිල මුදල් අනවශ්‍ය ලෙස වැයවේ. හදිසි රෝග, ශල්‍යකර්මවලට හේතුයි. ප්‍රීති උත්සව යෙදෙන දිනකි.

Date: 2023-09-26

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

ක්‍රියාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ධනලාභ ගෙනදෙයි. වාතාධික රෝග, සන්ධි රෝග මතුකරයි. දහමට ළැදිව ක්‍රියාකරයි.

Date: 2023-09-26

ජය අංකය: 01
ශුභ වර්ණය: දම්
Qries

මීන

සුළුවෙන් හෝ ගමන් බිමන් යෙදේ. අවිවේකී දිනකි. සුපුරුදු රාජකාරිවල ද යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල වෙයි. වැයපස ද ඉහළ යයි. සිරසගත රෝගවලට හේතුයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් එල්ල වෙයි.

Date: 2023-09-26

ජය අංකය: 09
ශුභ වර්ණය: ලා රතු,
Share This