කීරි සම්බා වලට සමාන ජී.ආර් 11 සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනයට අනුමැතිය

කීරි සම්බා වලට සමාන ජී.ආර් 11 සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනයට අනුමැතිය

කීරි සම්බා සහල් වර්ගයට සමාන ජී.ආර් 11 සහල් වර්ගයෙන් සහල් මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය පරිදි සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කිරීම පිණිස 2023/11/20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව දේශීය වෙළඳපොලේ කීරි සම්බා සහල් සහ සම්බා සහල් වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින් මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Share This