දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 31 වන සඳුදා

දවසේ ලග්න පලාපල – 2023 ජූලි මස 31 වන සඳුදා

රාහු කාලය
7:36 am – 9:10 am

සුභ දිශාව
උතුර

මරු සිටින දිශාව
වයඹ

Qries

මේෂ

ශභවාදී ඵල ගෙනදෙයි. දුරස්ථ වූ මිතුරන් සමඟ සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. විනෝදජනක ක්‍රියාවන්හි යොමුවෙයි. වන්දනාගමන් ආගමික උත්සව වැනි දේවලට ද සහභාගිවීමට සිදුවේ. සෙම් රෝග, ඌෂ්ණ රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 05
ශුභ වර්ණය: රතු
Qries

වෘෂභ

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. රාජකාරි ද බහුල වෙයි. අවිවේකී බව ගෙනදෙයි. දුරගමන් සැලසුම් කරයි. නවක මිතුදම් ඇතිවෙයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට ද හේතුයි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 02
ශුභ වර්ණය: අළු පැහැය
Qries

මිථුන

අවිවේකී දිනකි. රාජකාරි බහුලව පැවරේ. ක්‍රියාකාරී බව ගෙනදෙයි. ප්‍රීති උත්සව, සාද වැනි දේවලට ද හේතුයි. දුරගමන් සංවිධානය කෙරේ. දුරස්ථව සිටි මිතුරන් සමීප වන කරුණු කාරණා යෙදේ. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම්වලට හේතුයි.

Date: 2023-07-31
ජය අංකය: 07
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ගමන් බිමන් බහුල වෙයි. අතරමග නතර කළ රාජකාරි ද යෙදේ. පොදු සේවා කටයුතුවල යෙදෙන අතර ආගමික උත්සව සංවිධානයට හේතුයි. අවිවේකී බව ගෙනදෙන දිනකි. බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. සිරසගත රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

රාජකාරිවල ප්‍රබෝධයෙන් යෙදේ. ප්‍රීති සාද වැනි දේවල්වලට සහභාගිවීමට සිදුවෙයි. අන් අයගෙන් තෑගි, ලාභ ද ලබයි. මිතුදම් වර්ධනය වන ක්‍රියා යෙදේ. වාතාධික රෝග, සන්ධි ප්‍රදාහ මතුවේ.

Date: 2023-07-31
ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ක්‍රියාශීලී දිනකි. රාජකාරි ස්ථානවල බාධා ඉවත් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වෙයි. දුරස්ථ වූ ඥාති මිත්‍රාදීන් සමීප කරවන කරුණු කාරණා යෙදේ. දහමට ළැදි වේ. නේත්‍ර රෝග, මුඛු රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ක්‍රියාශීලී දිනකි. තම රාජකාරි වලට අමතරව ක්‍රියාකාරකම්වල යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළයි. මූලාර්ශස් රෝග මතුවේ.

Date: 2023-07-31
ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

අවිවේකී බව ඇතිවේ. රාජකාරිවලදී සෘජු ගුණයෙන් ක්‍රියාකරයි. මහජන ප්‍රසාදයට පත්වෙයි. තරමක් අලස ගති ඉස්මතු වෙයි. මිල මුදල් තරමක් වැයවේ. දහමට ළැදිව ක්‍රියාකරයි. මුත්‍රා ආසාදන මතුවේ.

Date: 2023-07-31
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

ධනු

තෘප්තිමත්ව දවස ගෙවයි. රාජකාරි ස්ථානවල කැපී පෙනේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි ද යෙදේ. ප්‍රීති සාදවලට යොමුවෙයි. ජනප්‍රසාදයට පත්වෙයි. හදිසි ධනලාභ ද ලබන දිනකි. වාතාධික රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
Qries

මකර

දූරදර්ශීව ක්‍රියාකරන දිනකි. රාජකාරිවලදී ප්‍රසාදය දිනයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සභාවේදී දිනයි. තරමක් වගකීම් බහුල දිනකි. නව ක්‍රියාකාරකම් ඇරඹීමට ශුභයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 03
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

තරමක් කලබලකාරී ස්වරූපයක් ඇතිකරයි. රාජකාරි බහුලතාවයට පත්වෙයි. ප්‍රීති සාද, සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. මිතුරුදම් සමීප වෙයි. ප්‍රේම සබඳතා ද වර්ධනය වන දිනකි. ස්නායුගත රෝග, වාත රෝග මතුකරයි.

Date: 2023-07-31
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

මීන

ක්‍රියාශීලී දිනකි. රාජකාරිවලට අමතරව ක්‍රියාකාරකම් යෙදේ. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. සතුරු බාධා ඉවත්වෙයි. ලිපි ලේඛන වලින් ජය ගෙනදෙයි. සෙම් රෝග, පෙනහලු ආසාදන මතුවේ.

Date: 2023-07-31
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි
Share This