9යේ සිසුවා පාසල තුළ දී අයියලාට කසිප්පු විකුණලා

9යේ සිසුවා පාසල තුළ දී අයියලාට කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

එම සිසුවා පොලිසියට යොමු කිරිමෙන් අනතුරුව තදින් අවවාද කර මුදා හල බව කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .