සැමියාගේ තියුණු ආයුධ පහරින් බිරිඳ මරුට

සැමියාගේ තියුණු ආයුධ පහරින් බිරිඳ මරුට

මිහින්තලය කැලෑ තිරප්පනය ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේදි අඹුසැමි යුවළක් අතර ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සැමියා විසින් තම බිරිඳට මන්නයක මිටකින් පහරදීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 21 වයසැති විවාහක කාන්තාවකි.

සැමියාගේ පහරදීමෙන් බිරිඳ සිහි මූර්ජා වී ඇති අතර සැමියා විසින් අදාළ කාන්තාව නිදන කාමරය වෙත රැගෙන ගොස් නිදි කරවා ඇති බව සඳහන් වේ.

උදෑසන බලන විට බිරිඳ මියගොස් සිටි බව ඔහු සඳහන් කලේ යැයි මිහින්තලය පොලිසිය පවසයි.

මිහින්තලය පොලීසියේ නිලධාරීන් උදෑසන එහි යන විටත් මිය ගොස් සිටි තැනැත්තියගේ ස්වාමිපුරුෂයා තම නිවසෙහිම රැඳී සිට ඇති අතර එහිදී ඔහු පොලිසිය වෙත භාර වී ඇත.

මෙම මරණය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මිහින්තලය පොලිසිය මගින් සිදු කරනු ලබයි.