12 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කිරීමේ සිද්ධියකට පියපුතු දෙපළක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

12 හැවිරිදි දැරියක් සමූහ දූෂණය කිරීමේ සිද්ධියකට පියපුතු දෙපළක් ඇතුලු 3 ක් අත්අඩංගුවට

මීගොඩ, ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 61 හැවිරිදි පෙදරේරුවකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර සිටින දෙදෙනෙක් පියපුතු දෙපළක් වන අතර ඔවුන් අදාළ දැරියගේ ඥාතීන්ය. අනෙක් පුද්ගලයා අසල්වැසියෙකි.

මෙම සැකකරුවන් තිදෙනා පසුගිය දෙසැම්බර් මාසයේ සිට අවස්ථා කිහිපයකදීම මෙම දැරිය බලහත්කාරයෙන් සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

දැරිය විසින් එය සඟවා ගෙන සිට මවට පැවසීමෙන් පසු ඇයගේ මව විසින් අදාල සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව, වහා ක්‍රියාත්මක වූ පොලිසිය අපයෝජනයට සම්බන්ධ ඇයගේ අසල්වැසි තරුණයකු හා ළගම ඥාතීන් වන පිය පුතු දෙපළ ඊයේ (15) අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.