යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

යතුරුපැදියෙන් කුඩු බෙදූ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

යතුරු පැදියෙන් විවිධ ප්‍රදේශ වලට ගොස් හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලැබූ විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

යුක්තිය මෙහෙයුම් වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම් වලදී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් නො.333, හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි හඹරාදුව වල්ගමගේ රසික සම්පත් (අවු. 30) නැමැති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය 05g 425mg ක් සමගින් (15) වන දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විදේශ රටක සිටන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් වට්ස්ඇප් මගින් දැනුම්දෙන ස්ථානයකට හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

සැකකරුගේ බිරිද චතුරිකා සදමාලි (අවු.25) නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රු. 15,000/- බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.