පෝදා මතුරට වයෝවෘද්ධ පුද්ගලයෙකු මරා දමා දේපොළ කොල්ල කාලා

පෝදා මතුරට වයෝවෘද්ධ පුද්ගලයෙකු මරා දමා දේපොළ කොල්ල කාලා

පොසොන් පොහෝ දින මතුරට කෝපිවත්ත ප්‍රදේශයේ නිවසක 73 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකුගේ අතපය ගැටගසා ඝාතනය කර කොල්ල කා ඇතැයි මතුරට පොලිසිය පවසයි.

මරණකරුගේ බිරිඳ සිල් සමාදන් වීම සඳහා නිවසෙන් පිටත්ව ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ මෙම වයෝවෘද්ධ පුද්ගලයා පමණක් බව පොලීසිය පවසයි.

වයෝවෘද්ධ පුද්ගලයා අත පය ගැට ගසා නිවසේ කාමරයක් තුළ ඝාතනය කර ඇත.

අදාළ නිවසේ දොර ජනෙල් විවෘතව තැබීම සම්බන්ධයෙන් අසල්වාසී පුද්ගලයෙකුට ඇති වූ සැකයක් මත මරණකරුගේ බිරිඳට ඒ බව දන්වා දෙදෙනාම ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මරණය දැක තිබෙනවා.

එම අවස්ථාවේ ඔහුගේ මුහුණ සහ අත් පා ගැට ගසා තිබී ඇති බවයි වාර්තා වන්නේ.

නිවසේ ඇති දේපළ සියල්ල ඇද දමා තිබී ඇති අතර දේපළ කොල්ලකෑමේ අරමුණින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මතුරට පොලිසිය පරීක්ෂණ මෙහෙයවයි.