එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන පණිවිඩය තැපෑලෙන් යවන්න ඉඩ තියන්න එපා

එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන පණිවිඩය තැපෑලෙන් යවන්න ඉඩ තියන්න එපා

දෛනිකව සෑම නිවසකටම යන තැපැල් පියුම් මාමා අත පාර්ලිමේන්තුවේ සිටින 225ට ඡන්දය නොදෙන්නැයි යන පණිවිඩය රැගෙන යාමට ඉඩ නොතබන්නැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර විශේෂ ඉල්ලීමක් කරයි.

මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෞරාණික වටිනාකමක් ඇති තැපැල් කාර්යාල විකිණීමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවත්, මෙම වැඩපිළිවෙළ නැවත හරවා නොගතහොත් රනිල් වික්‍රමසිංහට නැවත හැරීයාමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිවී සිටින්නේ ජනමතයකින් තොරව බවත් ඔහුට ජනාධිපති පුටුවේ වාඩිවෙන්නට ජනමතයක් නොමැති බවත් පෙන්වා දෙන එම සන්ධානය ඔහුට මේ පුටුව හොදින් සකස් කර දුන්නේ රාජපක්ෂ ආණ්ඩුව යැයිද මේ වන විටත් රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතික්ෂේප වුණු ආණ්ඩුවක් යැයිද හෙතෙම පවසා සිටියි.

නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරමින් සිටින බවත් තැපැල් සේවකයෝ මේ සඳහා කිසිවිටකත් ඉඩ ලබා නොදන බවත් සදහන් කරන සම කැඳවුම්කරු පාර්ලිමේන්තුවේ 225න් එක් අයෙක්වත් මේ සම්බන්ධයෙන් හඬක් නොනැගු බවත් පැවසුවේය.