දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 09 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2023 මැයි මස 09 වන අඟහරුවාදා

රාහු කාලය
3:13 pm – 4:47 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරි බහුල වෙයි. අවිවේකී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. තරමක් මිල මුදල් වැය වන දිනකි. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් ප්‍රසාදයට පත්වන කරුණු කාරණා යෙදේ. හදිසි ධන ලාභ දෙයි. සිරසගත රෝග සාදයි.

Date: 2023-05-08

ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
Qries

වෘෂභ

අවිවේකී දිනකි. සුහදතා වර්ධන ක්‍රියාවන්වල යෙදේ. තම අරමුණු ජය ගනී. දහමට ලැදිව ක්‍රියාකරයි. සතුරන් ද තමාට අවතනව ක්‍රියා කරයි. සාමාන්‍ය චාරිකාවන්හි යෙදෙන අතර අමතර ලාභ ද ලබන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.

Date: 2023-05-08

ජය අංකය: 03
ශුභ වර්ණය: අළු
Qries

මිථුන

ගමන් බිමන් තරමක් යෙදෙන අවිවේකය මත ක්‍රියාකරන දිනකි. පරාර්ථකාමී ගති ඇති වෙයි. සුහදතා වර්ධනය වෙයි. තම යහපත් චේතනා ඉටුවෙයි. භුමි ලාභ සම්පත් ළඟාවන දිනකි. තෘප්තිමත්ව ක්‍රියාකරයි. සෙම් බහුල රෝග ද මතුකරයි.

Date: 2023-05-08

ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
Qries

කටක

ශුභාශුභ ඵල දෙයි. ආගමික පුද පූජාවලට මුල්තැන දෙමින් ක්‍රියාකරයි. රාජකාරි ද තරමක් බහුල වෙයි. යහපත් මිතුරු ඇසුරකට ප්‍රේම සබඳතාවකට ඉඩ තිබේ. මෙත් සිතුවිලි පැතිරෙන හදිසි ලාභ ලබන දිනකි. සන්ධි රෝග මතුකරයි.

Date: 2023-05-08

ජය අංකය: 04
ශුභ වර්ණය: රෝස
Qries

සිංහ

හදිසි තීරණ මත ක්‍රියාකරයි. ශුභවාදී නොවේ. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප කරයි. නිවස තුළ ක්‍රියාකාරම්වල යෙදෙන අතර මානසික රෝග ඉදිමුම් රෝගාදියට හේතුයි. ප්‍රීති සාදවලට හේතුයි.

Date: 2023-05-08

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා නිල්
Qries

කන්‍යා

සුළු සුබ ගමන් යෙදීම මත අවිවේකය ද වැය පසද ඉහළ යයි. නවක මිතුදම් ඇතිවෙයි. අනුන් සමග වැඩ කටයුතුවල යෙදීම ශුභවාදී නොවේ. සෙම් කෝප රෝග, පෙනහළු ආසාදන වලට හේතුයි. විනෝද ක්‍රියාවන්හි යෙදේ.

Date: 2023-05-08

ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
Qries

තුලා

ශුභාශුභ ඵල දෙයි. තම ව්‍යාපාරික කටයුතුවල තත්ත්වය පහත වැටේ. තරමක් සොර සතුරුකම්වලට ද හසුවේ. තම අරමුණු බාධා ගෙන දෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු කරයි. හදිසි ධන වාසනා ලාභ ද ලබන දිනකි.

Date: 2023-05-08

ජය අංකය: 07
ශුභ වර්ණය: සුදු
Qries

වෘශ්චික

තරමක් ක්‍රියාශීලී දිනකි. තම ව්‍යාපාරවල තරමක් පහත වැටීමක් පෙන්වයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. සිත් චංචල කරයි. ආහාර විෂවීම් රෝගවලට හේතුයි. බුද්ධිමත්ව ක්‍රියාකර තමන්ට ජය ගත හැක.

Date: 2023-05-08

ජය අංකය: 02
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභ ඵල ගෙන දෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ව්‍යාපාරවල දියුණුවට හේතුයි. මනසෙහි පැවති චංචලභාවය ඉවත් වෙයි. තම ඇසුරින් දුරස්ථව සිටි ඥාතීන් නැවත සමීප වෙයි. පෙම් සබඳතා වර්ධනය වෙයි. සෞඛ්‍ය පිළිබඳ ගැටලු තත්ත්ව උදාකරයි.

Date: 2023-05-08

ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ මිශ්‍රඵල ගෙන දෙයි. තරමක් මිල මුදල් සම්බන්ධව වාසි සැලසේ. නමුත් තැන්පත් ධනය වැයවන කරුණු ද යෙදේ. දුරස්ථ වූ ප්‍රේම සබඳතා නැවත වර්ධනය වෙයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. දහමට ලැදිව ක්‍රියාකරයි. හන්දි රෝග, කොන්දේ අමාරු ඇතිවෙයි.

Date: 2023-05-08

ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු
Qries

කුම්භ

ශුභවාදී ඵල ලබයි. මනසට පැවති අවිවේකය දුරුවෙයි. ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. රාජකාරි ප්‍රබෝධමත්ව ඉටුකරයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුයි. ආගමික වතාවත් පුද පූජාකර්මවල යෙදේ. ආමාශගත රෝග, මුත්‍රා රෝග ආදියට හේතුයි.

Date: 2023-05-08

ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්
Qries

මීන

ශුභඵල සහිතයි. නව නිපැයුම් අරඹයි. උගතුන්ගෙන් උදව් උපකාර ලබයි. සැහැල්ලුවෙන් ගෙවන දිනකි. රැකියාවල දියුණුවට හේතු කරුණු සැලසේ. ප්‍රේම සබඳතා වර්ධනය වේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. සෙම් ආසාදන රෝග ස්වරාලයේ රෝගාදියට හේතුයි.

Date: 2023-05-08

ජය අංකය: 09
ශුභ වර්ණය: තද කහ
Share This