ලිට්‍රෝ ගෑස් මිල අද (04) රාත්‍රියේ සිට පහළට – ලාෆ් ගෑස් මිලත් පහල යන ලකුණු

ලිට්‍රෝ ගෑස් මිල අද (04) රාත්‍රියේ සිට පහළට – ලාෆ් ගෑස් මිලත් පහල යන ලකුණු

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතව තිබේ.

ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ ,කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර මුදලකින් පහළ දමන බවයි.

පසුගිය මස 3 වනදා ලිට්‍රෝ සමාගම සිදුකළ මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණි.

මේ අතර ලාෆ් ගෑස් සමාගම විසින් ද සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සමාගම කියා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

Share This