පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කලවාන නගරයේ පෞද්ගලික වාහන අලුත්වැඩියා කරන ආයතනයක් අසලදී අද ( 02) තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කලවාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ගොණගලකන්ද ප්‍රදේශයේ පදිංචි රාජිත ජයසූරිය නැමැති (54) හැවැරිදි විවාහක දෙදරු පියෙකු බව කලවාන පොලිසිය පැවසීය.

මෙම පුද්ගලයා ඊයේ (01) එම ස්ථානයේ මත්පැන් පානය කර ඇති අතර, එහිදී පුද්ගලයෙකු සමඟ ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව මොහුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

Share This