සිරියාවේ පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ පිහිටි ඉරාන කොන්සියුලර් කාර්යාලයට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඩමස්කස් අගනුවර ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරාන කොන්සාල් කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

ප්‍රහාරයෙන් ඉරාන විප්ලවීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 11දෙනෙකු මිය ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රහාරය එල්ල කළද සිදුව ඇති විනාශය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.

මේ අතර, ඉරාන සහ සිරියාවේ රජයන් ඉරාන තානාපති කාර්යාලයට යාබඳ ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය තවත් තීව්‍ර කරන්නක් බව ජාත්‍යන්තර විචාරකයින් පවසයි.

ප්‍රතිවිරුද්ධ මතධාරීන් වන ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින එම මත ගැටුම් ගාසා යුද්ධය හමුවේ තවත් උත්සන්න විය.

ඊට හේතු වූයේ ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සටන්කාමීන්ට සහ ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට ඉරානය සහය පළ කිරීමය.

Share This