මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දනුදීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දනුදීමක්

එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් හඳුන්වා දි ඇති බවයි, අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ,

“ලබන සඳුදා සිට ඒ කියන්නේ මාර්තු 4 වනදා ඉඳලා අපේ ලංකාවේ තියෙන සියලුම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති කාර්යයන් ඉටුකරන කාර්යාලවලට පැමිණෙන සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන්කරගෙන අදාළ කාර්යය සඳහා පැමිණීම අනිවාර්යය වෙනවා. මේකට ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකථන අංකය වෙන්නේ 2 117 116 කියන එක. තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම තෝරාගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනෙකුටම ඔබතුමාලාගේ තියෙන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් හම්බවෙනවා අදාළ කාර්යය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා. වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබාගැනීමේ හැකියාව අපි ලබාදීලා තියෙනවා.”