බස් රථ අනතුරකින් 10ක් රෝහලට

බස් රථ අනතුරකින් 10ක් රෝහලට

පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව නයිනමඩම පාලම මතදී ලංගම බස් රථයක් ප්‍රයිම් මුවර් රථයක් හා සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්වී අද(20) අලුයම සිදුවූ අනතුරකින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

තුවාලකරුවන් ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.

රෝහල් ගත කර ඇති අය අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවයා ද වනවා.

අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට පුල්මුඩේ දක්වා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ කැබිතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක් සහ ප්‍රයිම් මුවර් රථයක්.

ධාවනය වෙමින් තිබූ බස් රථය පාලම මතදී එක්වරම ලිස්සා ගොස් ආරක්ෂිත වැටේ ගැටී ඇති අතර ඒ සමගම පිටුපසින් පැමිණ ඇති ප්‍රයිම් මුවර් රථය බස් රථයේ ගැටී ඇතැයි වාර්තා වේ.

අනතුරින් බස් රථ දෙකට සහ ලොරියට හානි සිදුවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

May be an image of 4 people and train

May be an image of 2 people

May be an image of 1 person and train

May be an image of cablecar, train and trolley

May be an image of grass

May be an image of 6 people and car

No photo description available.

 

Share This