පවතින අධික රස්නය පිළිබඳව දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්‍යක්ෂවරියගෙන් දැනුම් දීමක්

පවතින අධික රස්නය පිළිබඳව දේශගුණ විපර්යාස හා පර්යේෂණ අධ්‍යක්ෂවරියගෙන් දැනුම් දීමක්

මේ දිනවල පවතින රස්නෙට ප්‍රධාන හේතුව වලාවකින් තොර අහසක් පැවතීමයි. එවිට පොළොව රත්වීමක් සිදුවෙනවා.

ඒ අනුව වායුගෝලය රත්වීමක් සිදුවෙනවා,පහළ වායුගෝලයේ ජල වාෂ්ප තියෙන නිසා අපිට ශරීරයට දැනෙන උෂ්ණත්වය වැඩියි.

ඒ වගේම සුළං ප්‍රවාහයක් නොමැති නිසා ශරීරයෙන් පිටවන දහඩිය වාෂ්ප වීමක් සිදුවන්නේ නැහැ,මේ නිසා රස්නය අපිට දැනෙන තත්ත්වය වැඩිවෙලා තියෙනවා.

මේක දිවයින පුරා අඩු වැඩි වශයෙන් සුළං ප්‍රවාහය නැවත ස්ථාපිත වන තෙක්,මැයි අගවනතෙක්,බලාපොරොත්තු වෙන්න වෙනවා.

මේ නිසා සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත් කර ඇති උපදෙස් පිළිගන්න සිදුවෙනවා,කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදන නිකුත් කරනවා සෞඛ්‍ය අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා.

අපි නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා,මේ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

රාත්‍රී කාලයේ උෂ්ණත්වයක් තියෙන්නේ ජල වාෂ්ප හොඳින් සංයුක්ත වෙලා තියෙනවා ඒ වගේම රාත්‍රී කාලයේදී සුළං ප්‍රවාහයක් නැතිවීමත් නිසා ඇඟ දිගේ දාඩිය ගලන අපහසුතාවය අපිට වැඩි වෙනවා එයට හේතුව දහඩිය වාෂ්පීකරණය අඩුවීම,

හිරු එළිය උපරිම වශයෙන් යන්නේ හවස තුනහමාර වන තෙක් නිසා 11.30 එළිමහලේ සිදුකරන ක්‍රියාකාරකම් අඩු කළ යුතුයි.

මේ නිසා කුඩා දරුවන් ගර්භිනී මව්වරු,විවිධ ලෙඩ රෝග තියෙන පුද්ගලයන්,වැඩිහිටි පුද්ගලයන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

වාහනයක් තුළ හරිතාගාර ආවරණයක් තියෙන නිසා ඉතා වේගයෙන් රත් වෙනව මේ නිසා පුද්ගලයෙක් එහි රැඳී සිටීම අහිතකරයි.

 

Share This