ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්

2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන බව මැතිවරණ කොමිසම පවසයි.

ජනමාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ, ජනාධිපතිවරණය වසර 5කට වරක් පැවැත්වෙන බවත්, අවසන් මැතිවරණය 2019 නොවැම්බර් මාසයේ පැවති බැවින්, මීළඟ මැතිවරණය මේ වසරේ නොවැම්බර් මාසයට මාස දෙකකට පෙර පැවැත්විය යුතු බවත්ය.

හෙතෙම වැඩිදුරටත් කියාසිටියේ, ජනාධිපතිවරණය පැවැත්වීමට ප්‍රමාණවත් මුදල් පවතින බවයි.