බංග්ලාදේශයේ බස්රථයක් පොකුණකට පෙරලී 17 ක් මරුට

බංග්ලාදේශයේ බස්රථයක් පොකුණකට පෙරලී 17 ක් මරුට

බංග්ලාදේශයේ චත්ත්‍රකන්ද ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම, අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 35 දෙනෙකු ජලකති දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මියගිය පිරිස අතර දරුවන් තුන් දෙනකු සහ කාන්තාවන් අට දෙනෙකු ඇති බව සඳහන්.

රික්ෂෝ රථයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය අසළ ඇති පොකුණකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

බස්රථයේ ධාරිතාව ඉක්මවා මගීන් රැගෙනයාම සහ රියදුරුගේ අපරීක්ෂාකාරී ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 60 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.