මංකි ෆොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

මංකි ෆොක්ස් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ

විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මංකිෆොක්ස් වැලඳී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

මවට සහ දියණියට එලෙස මංකිෆොක්ස් වැලඳී ඇති අතර, ඔවුන් මේ වනවිට IDH රෝහලේ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

පියාට ද විදෙස් රටක දී මංකිෆොක්ස් වැලඳී සුවය ලබා මෙරටට පැමිණ ඇතැයි අනාවරණය වී තිබේ.

මව සහ දියණිය ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවේ දී ඔවුන් ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

මොවුන්ගේ පවුලේ සෙසු සාමාජිකයන් ද පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව හුදකලා කර තැබීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙරටින් පළමු වරට මංකි ෆොක්ස් රෝගය වැළඳුනු රෝගියෙකු පසුගිය වසරේ නොවැම්බර් 3 වනදා කටුනායක ගුවන්තොටුපලේදී හඳුනා ගත් අතර, ඔහු 20 හැවිරිදි තරුණයෙක්..

Share This