ගෑස් සිලින්ඩරයක් පිපිරී 05 ක් රෝහලට

ගෑස් සිලින්ඩරයක් පිපිරී 05 ක් රෝහලට

දෙල්තොට නගරයේ බේකරි නිෂ්පාදන අළෙවි සැලක ඊයේ (06) රාත්‍රී 8.50 ට පමණ ගෑස් සිලින්ඩරයක් පිපිරී යාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට සහ දෙල්තොට ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලත් පිරිස අතර වෙළෙඳ සැලේ හිමිකරු, ඔහුගේ පුත්‍රයා සහ පාරිභෝගිකයින් තිදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

පිපුරුමෙන් වෙළෙඳ සැළට දැඩි අලභාහානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් එක්ව ත්‍රිරෝද රථ වලින් තුවාල කරුවන් රෝහල් ගත කිරිමට පියවර ගෙන ඇත.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපුරුම සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

තුවාලකරුවන් අතරින් සිව් දෙනෙකු දෙල්තොට රෝහලේ ප්‍රතිකාර ලබන අතර බරපතල තත්ත්වයෙන් පසුවූ එක් අයෙකු දෙල්තොට රෝහලේ සිට මහනුවර ජාතික රෝහලට මාරුකර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙල්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.