රාත්‍රී මුර සංචාරයට ගිය ජීප් රථය ප්‍රපාතයකට පෙරලෙයි

රාත්‍රී මුර සංචාරයට ගිය ජීප් රථය ප්‍රපාතයකට පෙරලෙයි

නොර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබු ජිප් රථයක් ඊයේ (06) දින රාත්‍රියේ ප්‍රපාතයකට පෙරලිමෙන් එම ජිප් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

ඊයේ රාත්‍රි 11 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව අසලදීය.

රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබූ ජීප් රථය නොර්වුඩ් සෙන් ජොන් ටිලරි වත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලි වත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීමක් වැටලීම සදහා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් තිදෙනා සෙන් ජොන් ටිලර් වත්තේ වතු කම්කරුවන් එක්ව රෝහල් ගත කර ඇත.

අනතුරෙන් ජීප් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතාගේ අධීක්ෂණය යටතේ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Share This