web hit counter
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරගයකට, එක් දින සීමිත ඕවර් 50 තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සදහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය

ක්‍රීඩකයින් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ.

මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා දී තිබේ.

එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09 , 11 සහ 14 ‍‍යන දින වලදී පැවැත්වීමට නියමිතය.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17, 19 සහ 21 යන දිනවල පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී 10.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )