ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

ජගත් ප්‍රියංකර පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, ඔහු එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම ලබන මස 8 වැනිදා සිදු කිරීමට නියමිතයි.

සනත් නිශාන්ත මහතාගෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටි අපේක්ෂකයා ජගත් ප්‍රියංකර මහතාය. ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.

Share This