බරපතල වැඩ සහිතව මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 15 දෙනාට නිදහස

බරපතල වැඩ සහිතව මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 15 දෙනාට නිදහස

මියන්මාර මුහුදු සිමාවේ අනවසර මසුන් මැරීම සහ මියන්මාර ආගමන විගමන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වී වසර හතක බරපතල සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනාට එරට රජය විසින් පොදු සමාවක් ලබා දී තිබේ.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ, මියන්මාර නව අවුරුදු උදාව වෙනුවෙන් සිරකරුවන් නිදහස් කිරීමේ වැඩසටහනට අනුව ඔවුන්ව නිදහස් කෙරුණු බවයි.

ඒ අනුව, මෙම ශ්‍රී ලාංකික ධීවරයින් 15 දෙනා කඩිනමින් ශ්‍රී ලංකාව වෙත පිටත් කිරීම සඳහා ද කටයුතු කරන බවයි මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ.

පසුගිය දෙසැම්බර් මාසයේ දී එම පිරිස මියන්මාර බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන්ට වසර 7ක සිරදඬුවමක් නියම කෙරිණි.

ශ්‍රී ලංකාව සහ මියන්මාර රජය අතර කලක පටන් කෙරුණු සාකච්ඡාවල ප්‍රතිපලයක් අනුව ඔවුන්ව නිදහස් කළ බව ද මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පවසයි.

 

Share This