විදේශිකයාට තග දැමූ කොත්තු මුදලාලිට ඇප

විදේශිකයාට තග දැමූ කොත්තු මුදලාලිට ඇප

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් අලෙවි සැලකින් කොත්තු රොටියක් මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයා ඇප මත මුදා හැර තිබේ.

ඒ, කෙසෙල්වත්ත පොලිසිය විසින් එම සැකකරු අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත ඔහු නිදහස් කළ බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයා ඊයේ (16) කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස ඔහුට බැන තර්ජනය කර ඇති බවය.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර පොලීසිය එම වීඩියෝ පදනම් කරගෙන සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share This