දමිතා අධිකරණයට රැගෙන එයි

දමිතා අධිකරණයට රැගෙන එයි

මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රංගන ශිල්පිනි දමිතා අබේරත්න හා ඇගේ සැමියා අද (17) උදෑසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබේ.

ඉකුත් 05 වැනි දා අධිකරණය විසින් රංගන ශිල්පිනි දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර තිබුණි.

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ තිහක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.