ප්‍රතිකාර ලබා ගැනීමට දික්ඔය මුලික රෝහලට ගිය අයෙකුගේ අස්ථි කොටස් ගසක් යට තිබී හමුවෙයි

ප්‍රතිකාර ලබා ගැනීමට දික්ඔය මුලික රෝහලට ගිය අයෙකුගේ අස්ථි කොටස් ගසක් යට තිබී හමුවෙයි

දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගැනිමට ගිය පුද්ගලයෙකුගේ අස්ථි කොටස් නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ ගසක් යට තිබියදි අද (20) දින හමු වූ බව හැටන් පොලිසිය පැවසිය.

මෙසේ ගසක් යට තිබී හමු වූ අස්ථි කොටස් හැටන් දික්ඔය මාණික්‍ය වත්ත 3 වෙනි කොටසේ පදිංචි සුබ්‍රමණියම් නගුලේෂ්වරන් (49) හැවිරිදි අයගේ බවට මියගිය අයගේ සොහොයුරා විසින් හදුනාගෙන ඇත.

මියගිය තම සහෝදරයා ඉකුත් මස 24 වෙනි දින පාදයේ තිබු තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනිම සදහා දික්ඔය මුලික රෝහල වෙත යැවු බවත්, එදින සිට තම සොහොයුරා අතුරුදහන් වී සිටි නිසා ඒ පිලිබදව හැටන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබු බවයි, මියගිය පුද්ගලයාගේ සොහොයුරා පවසා ඇත්තේ.

අඩි තුනක් පමණ උසැති කපපු යුකෙලේප්ස්ටික් ගසක එල්ලා තිබු කමිසයෙන් හමු වු අස්ථි කොටස් තම සොහොයුරාගේ බවට මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා හදුනාගෙන ඇත.

නිව්ටන් වත්තේ තෘණ කැපිමට ගිය පුද්ගලයෙකු ගසක් යට තිබු අස්ථි කොටස් දැක ඒ පිලිබදව හැටන් පොලිසිය වෙත දැනුම් දී ඇත.

හමු වු අස්ථි කොටස් සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

මෙය ස්වභාවික මරණයක්ද, ඝාතනයක්ද, නැතිනම් සියදිවි හානි කර ගැනිමක්ද යන්න පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

  

Share This