බිබිල බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්

බිබිල බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්

පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට පැමිණිලිකර තිබේ.

මෙම දැරියන් දෙපල ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔවුන් පාසල් බෑග් පන්තිකාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවට, විදුහල්පතිවරයා,ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම්දිමෙන් පසු, ඔවුන් ළමා නිවාසයටද නොපැමිණිම නිසා, සහකාර මේට්‍රන්වරිය මෙි පිලිබදව බිබිල පොලිසියට පැමිණිලි කිරිමට කටයුතු කර ඇති බවද බිබිල පොලිසිය පවසයි.

දහසය හැවිරිදි මෙම දැරියන් දෙපල පිළිබදව, මෙතෙක් හොඩුවාවක් නැති බවත්,එම දැරියන් පිළිබදව සෙවිමට විශේෂ පොලිස් කණ්ඩායක් යොදවා ඇති බවත් බිබිල පොලිසිය පැවසීය.