බේරුවලදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී 4 කට තුවාල

බේරුවලදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටී 4 කට තුවාල

කුඩා දරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු ගමන්ගත් ත්‍රීරෝද රථයක් බේරුවල මරක්කල වත්ත හේන පාර ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු සහ අනෙක් පුද්ගලයා පමණක් තුවාල ලබා ඇති බව බේරුවල පොලිසිය පවසයි.

අනතුරෙන් වයස අවුරුදු එකහමාර සහ අට අතර පසුවන දරු දෙදෙනාට කුඩා සීරීමක් වත් සිදුවී නැත.

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතල අලාභ සිදු වී ඇත.

කොළඹ සිට ගාල්ල දෙසට දුම්රිය ගමන් කිරීමේදී මුහුදු සීමාවේ සිට ගොඩබිම දෙසට අපරික්ෂාකාරී ලෙස මරක්කල වත්තහේන පාර ප්‍රදේශයෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටුව හරහා යොමුකළ තිරෝද රථය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

ත්‍රීරෝද රථය දුම්රිය ගැටීමත් සමඟම ත්‍රීරෝද රථය අඩි කීපයක් ඈතට විසි වී තිබූ බව පොලීසිය සඳහන් කරයි.

බේරුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක තෙන්නකෝන් රථ වාහන අංශයේ ස්ථානාධිපති සුරංජිත් යන මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.

Share This