වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය

වාහන ආනයනය ගැන අලුත්ම ආරංචිය

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා විධිමත් නියාමන වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

පසුගිය වසර කිහිපය තුළ ලංකාවට වාහන ආනයනය කිරීමේදී ගෙන්වා ඇති වාහනවලින් 85%ක් පමණ භාවිත කළ වාහන බව එම සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සඳහන් කළේ ආණ්ඩුව වාහන ආනයනය පිළිබඳ තීරණ ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි.

ඉදිරියේදී වාහන් ආනයනය කිරීමේදී ඒජන්තවරුන්ගේ අවශ්‍යතාවයට අනුට කටයුතු නොකර ජනතාවගේ කැමැත්තට ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවද ඔහු මෙහිදී අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා,

“පසුගිය වසර කිහිපයේදී ලංකාවට වාහන ආනයනය කිරීමේදී ඒ කියන්නේ 2017, 2018, 2019 වසරවලදී 85%ක් ගෙන්නලා තියෙන්නේ පාවිච්චි කරපු වාහන.

15% අලුත් වාහන ආනයනකරුවන් විසින් ගෙන්නලා තියෙන්නේ. ඒ 85%නුත් 95%ක් ගෙන්නලා තියෙන්නේ ජපන් රටෙන්.

ඉදිරියේදී වාහන ආනයනය කරනවානම් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ජනතාව කැමති දෙයට.

ජනතාව කැමති දේ නැතුව ඒජන්තවරුගේ අවශ්‍යතාවයට කටයුතු කරලා රටට අවශ්‍ය නැති දේවල් කරන්න ගියොත් පරිහානියක් ඇති වෙනවා.

කොළ එළියක් ඇවිත් තියෙනවා වාහන ගෙන්න. ඡන්දයට කලින් වාහන ගෙන්නවද, ලබන අවුරුද්දේ මුල ඉදන් ගෙන්නවද, නෑ මේක රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයකට එනවා වාහන ගෙන්නන් දෙනවා කියලා.

රජයෙන් ඉල්ලන්නේ අපිව ගෙන්නලා කමිටුවක් හදන්න. මේක දැන් ඉඳන් පිළිවෙල කරන්න.”

Share This