රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

2023 වසරේ රසායන විද්‍යාව සඳහා පිරිනමන නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව රාජකීය ස්වීඩන් විද්‍යා ඇකඩමිය නිවේදනය කළේය.

ඒ, “quantum dots” නිපැයුම සහ සංශ්ලේෂණය වෙනුවෙනි.

මෙවර නොබෙල් ත්‍යාගය හිමිවූයේ, ප්‍රංශ සම්භවයක් ඇති ඇමෙරිකන් විද්‍යාඥ මොවුන්ගි බවෙන්ඩි, ඇමෙරිකන් විද්‍යාඥ එස්.එල්. මිෂෙල් සහ රුසියන් විද්‍යාඥ ඇලෙක්සි ඉයොනවිච් යන තිදෙනාටය.

ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කරමින් වාර්ෂිකව සිදු කෙරෙන මේ ත්‍යාග ප්‍රදානය ලබන දෙසැම්බර් මස 10 වැනිදාට යෙදී ඇති නොබෙල්ගේ අනුස්මරණ දිනයේදී පැවැත්වෙන අතර ත්‍යාගලාභීන්ට එදින නොබෙල් ත්‍යාගය සමඟ සහතිකයක්, රන් පදක්කමක් සහ ඩොලර් මිලියනයක් බැගින් චෙක්පත් ද පිරිනැමීමට නියමිතයි.

Share This