මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී

මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී

මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මිහින්තලේ පුදබිමේ හමුදාව තැබීම නිසා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් වන බවට උන්වහන්සේ මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සිවිල් ඇඳුමින් මිහින්තලා පුදබිමේ සිටින දෙදෙනෙකු ගැන එහිදී චෝදනා කර ඇතැයි කී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා එම නිලධාරීන් යෙදවූයේ ඔක්තෝම්බර් 7 වැනිදායින් පසු රටේ ආවේක්ෂණ කටයුතු සඳහා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව සඳහාත් නිලධාරීන් යෙදවීමට රජය ගත් තීරණයකට අනුව බවද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ඒ අනුව මිහින්තලා පුදබිමේ සිටි නාවික හමුදාවේ ද සිවිල් ආරක්ෂක බලකායේ සහ යුද හමුදාවේ භටයන් 252 අද සිට ඉවත් කරගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ එම තීරණය ඉතා අමනෝඥ තීරණයක් බවයි.

මේ අතර මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයෙන් සියලුම යුද්ධ හමුදා භටපිරිස් ඉවත් කර ගැනීම සම්බන්ධව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මාධ්‍ය ප්‍රකාශය පහතින්