කෝටි 10 ක රත්‍රන් බත්තලන්ගුණ්ඩුව කළපුවෙන් හමුවෙයි

කෝටි 10 ක රත්‍රන් බත්තලන්ගුණ්ඩුව කළපුවෙන් හමුවෙයි

බත්තලන්ගුණ්ඩුව කලපුවේ සගවා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් රත්‍රන් කිලෝ හතරක ප්‍රමාණයක් ධීවරයින් දෙදෙනෙකුද සමග අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නාවික හමුදාවට ලැබුණ බුද්ධි තොරතුරක් මත එම රත්‍රන් තොගය සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

රන් කලපුවේ සැගවු බවට සැලකෙන අවුරුදු 27 හා 35 සිමාවල පසුවු කල්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා හා ඩිංගි යාත්‍රාව ද අත් අඩංගුවට ගත බව පොලිසිය කියයි.

මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමේ අරමුණින් මෙම රත්‍රන් කිලෝ හතර බත්තලංගුන්ඩුව කලපුවේ ආරක්ෂිතව පාර්සලයක දමා සගවා තිබියදී වයඹ නාවික විදානයට අයත් නාවික නෞකා විජය කදවුරේ නිළධාරීන් විසින් අදාල කලපු සිමාවේ සිදුකල විශේෂ සෝදිසි කිරීමකින් පසුව අදාල රත්‍රන් තොගය සොයා ගෙන තිබේ.