අජිත් රෝහණගෙන් සම්මාන ගන්න බැහැ කියූ චමීර පසුපස පොලිසිය පන්නයි !

අජිත් රෝහණගෙන් සම්මාන ගන්න බැහැ කියූ චමීර පසුපස පොලිසිය පන්නයි !

පසුගියදා පැවති P2P පාපැදි ධාවන තරගයේ 40න් පහළ කාණ්ඩයේ දෙවැනි ස්ථානය ලබාගත් පරිඝණක මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීර විජේබන්ඩාර ඔහුට හිමි සම්මානය ජේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ අතින් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර කළේය.

ඒ, පොලිස් දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත මුදාහැර ඇති හිංසනයට අප්‍රසාදය පළකරමිනි.

මෙහිදී ඔහු ඉතාමත් නිහතමානීව සහ වෘත්තීමය ලෙස එම ප්‍රතික්ෂේප කිරීම සිදුකළ අතර, ඉන් පසුව එහි අර්ථය පිළිබදවද ෆේස්බුක් සටහනක් තබා තිබිණි.

මෙය කිසිදු පෞද්ගලික පදනමක් මත නොවන බවත්, සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දියත් කර ඇති හිංසනයට විරෝධය දැක්වීමක් ලෙසත් ඔහු මෙම ක්‍රියාව විස්තර කර තිබිණි.

කෙසේන වෙතත් මේවන විට චමීර විජේබන්ඩාරට, ඔහුගේ මාපියන්ට සහ ඔහු හදුනන පුද්ගලයන්ට පොලිසිය විසින් දෛනිකව තොරතුරු ඉල්ලමින් හිංසා කරන තත්වයක් නිර්මාණය වී තිබෙන බව පැවැසේ.

පසුගිය 15වැනිදා වැලිමඩ පොලීසිය යැයි කියමින් දෙදෙනෙක් පැමිණ ප්‍රදේශවාසීන්ගෙන් ඔහු ගැන තොරතුරු ඉල්ලා ඇති අතර, 16වැනිදා පාර්ශව කීපයකින් ඔහු පිළිබදව තොරතුරු සොයා බලා තිබේ.

17 දින නැවතත් ග්‍රාම නිලධාරීවරයා හරහා ඔහුගේ තොරතුරු විමසා තිබේ.

මෙම තත්වය තුල මෘදුකාංග ඉංජිනේරුවරයකු වන චමීරට ඔහුගේ දෛනික ව්‍යාපාර කටයුතු වලට පවා බාධා ඇතිව ඇති අතර, මෙය ඔහුගේ මාපියන්ටද දැඩි මානසික පීඩාවක් එල්ල කරමින් තිබෙන බව වාර්තා වේ.