ශ්‍රී ලංකාවට තවත් තීරනාත්මක තරඟයක් අද

ශ්‍රී ලංකාවට තවත් තීරනාත්මක තරඟයක් අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තීරණාත්මක තරගයක් අද (30) පැවැත්වෙයි.

ඒ, ඇෆ්ගනිස්ථානට එරෙහිවයි.

පූනේහිදී පැවැත්වෙන තරගය මෙරට වෙලාවෙන් පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද හිමිවුණි.

ඒ අනුව දුෂ්මන්ත චමීර අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද තරගයේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් පවතින බවද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Share This