චීන නෞකාව අද පර්යේෂණ කටයුතු අරඹයි

චීන නෞකාව අද පර්යේෂණ කටයුතු අරඹයි

“Shi Yan 6” චීන පර්යේෂණ නෞකාව මෙරට බටහිර වෙරළ තීරයේ සමුද්‍ර පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

එම පර්යේෂණ කටයුතු සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පැය 48ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද සහ හෙට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන බව සඳහන්.

මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබාගැනීමට නියමිත අතර ඒ සඳහා නාරා ආයතනය මෙන්ම නාවික හමුදා නිලධාරීන් ද සහභාගී වීමට නියමිතය.

2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා එම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කර ඇති අතර එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණි.

පසුගිය 26 වනදා Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව මෙරටට පැමිණියේය.

Share This