බාළිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටක් පැන යයි

බාළිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටක් පැන යයි

මීටියාගොඩ පොලිස් වසමේ පාසල් මාවත ලිපිනයේ පවත්වාගෙන යනු ලබන බාලිකා ළමා නිවාසයකින් බාලිකාවන් අටදෙනෙකු ඊයේ (29) රාත්‍රී පැන ගොස් ඇතැයි මීටියාගොඩ පොලීසිය පවසයි.

බාලිකාවන් අට දෙනා එම ළමා නිවාසයෙන් පැන ගොස් ඇති බවට සදහන් කරමින් එහි පාලිකාව විසින් කල පැමිණිල්ල අනුව වහාම කියාත්මක වී කරන ලද සෝදිසි මෙහෙයුමකදී පැන ගිය බාලිකාවන් අට දෙනාගෙන් තිදෙනෙකු ඊයේම සොයා ගත් බව පොලීසිය කියයි.

අනෙක් බාලිකාවන් පස් දෙනා සොයා ගැනීම සදහා ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලීසිය පවසයි.

බාලිකා ළමා නිවාසයේ පාලිකාව හා එහි බාලිකාවන් අතර, බහින් බස් වීමක් සිදුව ඇති බවත් පසුව ඇය හා බාලිකාවන් අතර පහරදීමක් දක්වා එය වර්ධනයවී ඇති බවත් පොලීසිය කියයි.

මේ සිද්ධියෙන් පසුව බාලිකාවන් අට දෙනා ළමා නිවාසයෙන් පැන යන්නට ඇති බව පොලීසිය පවසයි.

මේ සම්බන්ධව වැඩිදුර පරික්ෂණ කටයුතු මීටියාගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.