සිසුවියන් 16 කට ලිංගික අතවර කල ගුරුවරයෙක් සොයා විමර්ශන

සිසුවියන් 16 කට ලිංගික අතවර කල ගුරුවරයෙක් සොයා විමර්ශන

සිසුවියන් 16 දෙනෙකුට පමණ ලිංගික අතවර කර ප්‍රදේශයෙන් පලාගොස් සිටින ගණිතය විෂය ඉගැන්වූ උපකාරක පංති ගුරුවරයෙකු සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පාසල් සිසුවියන්ට පංති කාමර තුළදී ද ලිංගික අතවර කර ඇති මෙම ගුරුවරයා, දැරියන් නිවෙස් වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුළදී ඔවුන්ට ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් එම සිදුවීම් පටිගත කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් විමර්ශන නිලධාරියෙක් පැවසුවේය.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා දෙමව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ව නිරුවත් කර එම දර්ශන පටිගත කර ඇති බවද සදහන් වේ.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශන සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරියට හසුවී ඇති අතර ඇය අතවරයට පත් වූ දැරියන්ගේ දෙමව්පියන් මේ සම්බන්ධව දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

අතවර වලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙකුගේ දියණියක් සිටින බවද වාර්තාවේ.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසේ.

සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි සදහන් වේ.

Share This