ළදරුවන් 11000 ක් යුරෝපයට විකිණීම ගැන සොයා මැලේසියා පොලිසියෙන් එයි

ළදරුවන් 11000 ක් යුරෝපයට විකිණීම ගැන සොයා මැලේසියා පොලිසියෙන් එයි

ශ්‍රී ලාංකික ළදරුවන් 11,000 ක් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරම ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මැලේසියානු පොලිසියේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා මැලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් මැලේසියානු යුවළක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලාංකික ළදරුවන් මැලේසියාවට ගෙනවුත් ගමන් බලපත්‍ර සකසා යුරෝපයට විකුණන බවට හෙළිවී තිබේ.

මෙම ළදරුවන් ඩොලර් හැටදහසේ සිට අසූදහස දක්වා මුදලකට අලෙවි කර තිබෙන අතර මැලේසියානු ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකික ළදරුවන් යුරෝ තිස්දහසේ සිට පනස්දහස දක්වා මිලකට අලෙවි කර ඇත.

එලෙස අලෙවි කෙරුණු ළදරුවන්ගෙන් වැඩිදෙනා සබගරමුව පළාතේ අය බවටයි, අනාවරණය වී ඇත්තේ.

පසුගිය කාලයේ මේ ජාවාරම විශාල ලෙස සිදුවී ඇතැයි මැලේසියානු ආගමන විගමන නිලධාරීන් හෙළිකර තිබේ.

මැලේසියාවට යන ශ්‍රී ලාංකිකයන් මේ ළදරුවන් ක්වාලාම්පූර් අග නගරයේදී ජාවාරම්කරුවන්ට භාරදෙන බව ද හෙළිවී තිබේ.