අඹ හා පේර වැල් වල වගා කිරීමේ නව වගා ක්‍රමයක්

අඹ හා පේර වැල් වල වගා කිරීමේ නව වගා ක්‍රමයක්

අඹ ගස් හා පේර ගස් වෙනුවට අඹ වැල් හා පේර වැල්වල ඵල හටගන්නා නව කෘෂි තාක්ෂණ අධි ඝනත්ව වගා ක්‍රමය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.

මේ වනවිට මෙම නව කෘෂි තාක්ෂණය දඹුල්ල වෑවල ප්‍රදේශයේ පිහිටා ඇති කෘෂිකාර්මික උද්‍යානයේ ( A Park- Agricultural park) සාර්ථක වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ගොවීන් විශාල පිරිසක් දැනට මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අඹ හා පේර වගාව ආරම්භ කර තිබේ.

අඹ හා පේර ගස් වෙනුවට ඒවා වැලක් වශයෙන් පවත්වාගෙන යාම සහ කප්පාදු සිදු කිරීම මෙම තාක්ෂණයයි. අඩු බිම් කොටසක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කිරීම මෙහි අරමුණයි.

සාම්ප්‍රදායික අඹ හා පේර වගාවේ අක්කරයකට අඹ පැළ 84ක් හා පේර පැළ 120ක් රෝපණය කළ ද මෙම වගා ක්‍රමය තුළ අක්කරයකට අඹ පැළ 560ක් හා පේරපැළ 1120ක් රෝපණය කළ හැකි බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි.

Share This