තලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 10 ක් අත්අඩංගුවට (Photo)

තලවතුගොඩ මහා පරිමාණ ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 10 ක් අත්අඩංගුවට (Photo)

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කලක සිට අදාළ ගණිකා නිවාසය පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත තලංගම පොලිසිය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දස දෙනා අද (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි
තලංගම පොලිසිය පැවසුවේ.

Share This