මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක් යෝජනා වෙයි

මහජන උපයෝගිතා කොමිසමට නව සභාපතිවරයෙක් යෝජනා වෙයි

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.

ඩග්ලස් නානායක්කාර මහතා මේ වන විටත් එම කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර ඒ මහතා පසුගිය වසරේ ජූලි මස සිට එම කොමිසමේ සාමාජිකත්වයේ කටයුතු කරයි.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව සභාපති ධූරය පුරප්පාඩු වී තිබේ.